Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2017 11:40:27 Hours

11 වන සේනාංකයේ සෙවිමේ සහ මුදවා ගැනීමේ භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කෙරේ

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සෙවිමේ සහ මුදවා ගැනීමේ භට පිරිස් සඳහා ජූනි මස 29 සහ 30 යන දිනයන්හි දී මුලික දැනුමක් ලබාදීමේ අරමුණින් යුතුව මහනුවර පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා මූලස්ථානයේ දී වැඩමුළුවක් පවත්වන ලදි.

මෙහි ආරම්භක දේශනය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් සිදු කළ අතර, මෙම දෙදින වැඩමුළුව සඳහා නිලධාරීන් 15 ක් සහ සෙසු නිලයින් 200 ක් සහභාගි වූහ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි, පුහුණු සහ අධ්‍යාපනය නියෝජ්‍ය අධ්‍යක්ෂීකා සාරංගි විතානගේ මහත්මිය සහ මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දීක රණවීර මහතා මෙහි විශේෂ දේශනය සිදු කළහ.

මෙහිදි ආපදා තත්වයක දී අනතුරට පත්වූවන් බේරා ගැනීම, ක්ෂණික සහන කටයුතු සහ ආපදා තත්වයකින් පසු ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව දැනුවත් කළ අතර, සහභාගි වූවන් වෙත සහතික පතක් ද මෙහිදි පිරිනමනු ලැබීය.

Nike footwear | Men’s shoes