Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2017 23:43:09 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ‘රණවිරු උදානය - 2017’ උත්කර්ෂවත් අයුරින්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන සංගීත සැඳෑව සහ සැණකෙළිය ‘රණවිරු උදානය - 2017’ දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේ දී ජුනි මස 23 සහ 24 දෙදින තුළ පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන මගින් ලැබෙන ආදායම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබයි.

මෙම සැණකෙළියේ ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගීවන ලදි.

විශාල ජනකායක් සහභාගීවූ මෙම සැණකෙළියේ අවි ආයුධ ප්‍රදර්ශනය, වෙළඳ කුටි, විවිධ විනෝදාත්මක ක්‍රිඩා මෙන්ම සංගීත සංදර්ශනයන්ගෙන් ද සමන්විත විය.

latest Running Sneakers | Nike