2017-07-21 10:50:13
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මීරිගම, ‘ගෞතම දරුවෝ ආර්ය පදනම’ හි අනුග්‍රහය ඇතිව වැලිකන්ද, මෛත්‍රීගම පදිංචි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදි.
2017-07-21 09:55:26
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ හයවන අදියර, සඳුදා (17) දින වරාවැව, සිද්ධාර්ථ අවමංගල්‍යාධාර සමිති ශාලාවේ දී පවත්වන ලදි.
2017-07-20 10:21:46
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 522 බලසේනාවේ භට පිරිස් විසින් නාවට්කුලි මහා විද්‍යාලයීය සිසුන් සඳහා පානීය ජල පහසුකම් සලසාදෙනු ලැබීය.
2017-07-20 10:20:58
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා සම්බන්ධිකරණයෙන් ජූලි මස 18 සිට 20 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2017-07-20 10:18:52
විනයාරක්ෂක පාඨමාලා අංක 71 යටතේ මාස 03 ක කාලයක් පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල සෙබලියන් 256 දෙනෙකු විසිරයාමේ පෙළපාලිය ගිරිතලේ පිහිටි එම බලකා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2017-07-20 10:15:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ගාමිණි සිරිසේන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 8 වන බලකාධිපති ලෙස පසුගිය දා පොල්හෙන්ගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාර භාරගනු ලැබීය.
2017-07-18 16:56:20
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව සාලියවැව, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත 317 දෙනෙකු වෙනුවෙන් ජූලි මස 10 සිට 16 දක්වා සය දින වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2017-07-18 16:38:04
කතරගම දේව වන්දනාව සඳහා දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් වලින් සෑම වර්ෂයකම පැමිණෙන බැතුමතුන් මෙවර ද සෙනසුරාදා (15) දින පානම, ඔකඳ ශ්‍රී මුරුගන් කෝවිලේ,....
2017-07-17 20:39:16
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය, 141 හා 142 බලසේනාවන් සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 300 කට අධික භට පිරිසක් සෙනසුරාදා (15) දින මහරගම, කොලොන්නාව, කඩුවෙල, පිළියන්දල, මීගමුව, කැළණිය......
2017-07-17 20:36:30
නික්මයන කැනඩා මහා කොමසාරිස් ගරු ෂෙලී වීටින් මැතිණිය, අඟහරුවාදා (11) දින යාපනය අර්ධද්වීපයේ සිදු කළ සංචාරය අතරතුරදි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.