Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2017 09:55:26 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් ඇස්කණ්ණාඩි බෙදාදීම හයවන වරටත්

සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ හයවන අදියර, සඳුදා (17) දින වරාවැව, සිද්ධාර්ථ අවමංගල්‍යාධාර සමිති ශාලාවේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.ටි. හත්නාගොඩ ගේ සම්බන්ධිකරණයෙන් කැන්ඩි දෘෂ්ඨි විශේෂඥයෝ පුද්ගලික සමාගමේ (Kandy Opticals (Pvt) Ltd) වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු එම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ මෙම ජංගම අක්ෂි සායනයේ දී සිවිල් වැසියන් 400 කට වැඩි පිරිසක් පරික්ෂා කර අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් 284 ක් වෙත ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වරාවැව ප්‍රාදේශීය ග්‍රාම නිලධාරී සහ සෞඛ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද්ධ හමුදා නිලධාරීන් සහ කැන්ඩි දෘෂ්ඨි විශේෂඥයෝ පුද්ගලික සමාගමේ නිලධාරින් ද එක්ව සිටියහ.

bridgemedia | UOMO, SCARPE