2018-06-11 09:05:55
හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කුඩළුවිල තුන්නාන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ඒ අනුව, නවතමයෙන් ඉදිකරන ලද බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ විශේෂ ආගමික උත්සවය සෙනසුරාදා (09) දින බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2018-06-10 21:17:26
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 සේනාංකයට අයත් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සංවිධානය කල ‘ඉෆ්තාර්’ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ එරාවුර්, ඇලිගාර් ජාතික පාසල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-06-10 21:15:26
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ චරිතය සහ පෞරුෂත්වය සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි මස 6 සහ 7 යන දෙදින තුල පවත්වන ලදී..
2018-06-10 21:14:14
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් කොළඹ ප්‍රදේශයේ පැවැති විශේෂ ‘හරිත පාද යාත්‍රාවක්’සඳහා සෙනසුරාදා (09) දින සහභාගි විය. ලෝක පරිසර දිනයට ...........
2018-06-10 21:11:14
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 සහ 62 වන සේනාංක මෙන්ම උතුරු මැද ඉදිරි නඩත්තු පෙෙදසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමජිකයින්ගේ ‘නවෝත්පාදන ප්‍රදර්ශනය - 2018’ජූනි මස 7 සහ 8 දිනයන් හිදි 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-06-10 21:07:02
යුද්ධ හමුදා සාමාජිකයන් අතර ආගමික සහජීවනය සහ හොඳහිත වර්ධනය කීරිමේ අරමුණින් ‘ඉෆ්තාර්’ සැමරුම් උත්සවයක් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය එහි සේවයේ නියුතු මුස්ලිම් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සෙනසුරාදා (9) දින සංවිධානය කරන ලදී.
2018-06-10 15:00:49
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්යාත්මකමෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (06) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-06-10 14:00:49
අම්පාර, සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලබන 19 උපකරණ පාලන නිලධාරී පාඨමාලාවේ අවසන් සාමුහික ඉදිරිපත් කිරීම බදාදා (06) දින පැවැත් වූ අතර, එහිදී ‘බාබරෝසා’ මෙහෙයුම පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කෙරිණි. ‘බාබරෝසා’ මෙහෙයුමේ ඉතිහාස මතකයන් සිහිපත් කිරීම මෙම ඉදිරිපත් කිරීමේ අරමුණ විය.
2018-06-09 09:32:03
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස්හි නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ ‘සහසක් නිමැවුම්’ නවෝත්පාදන අධ්‍යාපනික සහ නිර්මාණශීලි ප්‍රදර්ශනය බදාදා (06) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී විවෘත කරනු ලැබීය.
2018-06-09 09:25:17
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් බ්‍රහස්පතින්දා (07) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදා වෘත්තීමය සූපවේදින් හට ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව.....