Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2018 14:00:49 Hours

ඉදිරිපත් කිරීමක දී ‘බාබරෝසා’ මෙහෙයුම නැවත් සිහිපත් කෙරේ

අම්පාර, සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලබන 19 උපකරණ පාලන නිලධාරී පාඨමාලාවේ අවසන් සාමුහික ඉදිරිපත් කිරීම බදාදා (06) දින පැවැත් වූ අතර, එහිදී ‘බාබරෝසා’ මෙහෙයුම පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කෙරිණි.

‘බාබරෝසා’ මෙහෙයුමේ ඉතිහාස මතකයන් සිහිපත් කිරීම මෙම ඉදිරිපත් කිරීමේ අරමුණ විය.

මෙම ඉදිරිපත් කිරීම සිදු කළ අවස්ථාව සඳහා සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඒ.ඩි කහපොළ, ප්‍රධාන උපදේශක, සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.

විෂය පිළිබඳ ඔවුන්ගේ දැනුම තව දුරටත් වැඩි දියුණු කිරීම අරමුණින් මෙම වැඩසටහන අවසානයේ ප්‍රශ්න හා පිළිතුරු සැසියක් ද පැවැත්විය.

Sports News | Air Jordan