Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2018 21:17:26 Hours

එරාවුර් හිදී පැවැති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා සියළු ප්‍රජාවන් එක්වෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 සේනාංකයට අයත් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සංවිධානය කල ‘ඉෆ්තාර්’ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ එරාවුර්, ඇලිගාර් ජාතික පාසල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙම ‘ඉෆ්තාර්’ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරන ලද මෙම ප්‍රජා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ අනාගත පරම්පරාවන් සඳහා සාමකාමී, බහු වාර්ගික සහ බහු ආගමික සහජිවනය ගොඩනැගීමයි. තවද රටේ විවිධ ආගම් අතර පොදු අවබෝධයක් ඇති කිරීම ද මෙහි තවත් එක් අරමුණක් වෙයි.

මෙම වැඩසටහන වෙනුවෙන් ආගමික නායකයින්, ඉස්ලාම් ප්‍රජා නායකයින්, ප්‍රදේශයේ මවුලවිතුමන්ලා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර මහතා, යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින්, මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති තුමන් ඇතුළු පොලිස් නිලධාරින් සහ 200 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වූහ.

Sports brands | Nike sneakers