2018-06-13 11:22:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය විසින් සංවිධානය කරන ලද 27 වන අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩිතැබිම් තරඟාවලියේ වාර්තාවක් තබමින් 4 වන වරටත් සාර්ථකව ශුරතාවය දිනා ගැනීමට ගැමුණු හේවා බලඇණියේ වෙඩි තැබිමේ ක්‍රිඩකයින් සමත්වුහ.
2018-06-12 17:50:52
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි, මූලන්කාවිල් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම කෝවිලේ පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක කරනු ලදී.
2018-06-12 15:55:49
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ සහ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැවගෙදර, ඇලවිටිගම, විලකොටුව, මල්වාන, හොරොම්ඹුව, අමුණුගම, ගෝණගම, පිඹුවැල්ලේගම, හැලව.....
2018-06-12 14:25:16
තායිපේ හී පැවැති ජාත්‍යන්තර රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2018 සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් පිරිමි යුගල ශුරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්හ.
2018-06-11 11:43:15
ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ (Ministry of National Coexistence, Dialogue and Official Languages)ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (National Institute of Language Education and Training) විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ......
2018-06-11 10:15:40
මාතර, කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් පිරිසක් දියතලාව, හග්ගල, හෝර්ටන් තැන්න, සමනළවැව විදුලි බලාගාර ව්‍යාපෘතිය සහ උඩවලව අලි අනාථාගාරය වැනි සංචාරක මෙන්ම හමුදාමය වැදගත් ස්ථාන නැරඹිම සඳහා විනෝද චාරිකාවක් සඳහා එක්වුහ.
2018-06-11 10:00:15
‘යථාර්ථය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ නිසි පුහුණුවක් ලැබු නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත සෙබලුන් පිරිසක් විසින් මූලතිව් ආරක්ෂුක සේනා මූලස්ථානයේ නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 60 දෙනෙකු දිරීමත් කිරීමේ අරමුණින් ‘යථාර්ථය පදනම් කරගත් ආත්මාරක්ෂක .....
2018-06-11 09:05:55
හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කුඩළුවිල තුන්නාන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ඒ අනුව, නවතමයෙන් ඉදිකරන ලද බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ විශේෂ ආගමික උත්සවය සෙනසුරාදා (09) දින බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2018-06-10 21:17:26
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 සේනාංකයට අයත් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සංවිධානය කල ‘ඉෆ්තාර්’ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ එරාවුර්, ඇලිගාර් ජාතික පාසල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-06-10 21:15:26
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ චරිතය සහ පෞරුෂත්වය සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි මස 6 සහ 7 යන දෙදින තුල පවත්වන ලදී..