12th June 2018 15:55:49 Hours
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ සහ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැවගෙදර, ඇලවිටිගම, විලකොටුව, මල්වාන, හොරොම්ඹුව, අමුණුගම, ගෝණගම, පිඹුවැල්ලේගම, හැලව සහ රැකව යන ප්‍රදේශයන් හී සඳුදා (10) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් කඩිනමින් යොදවනු ලැබීය.
ප්‍රදේශයන්හි පැයකට ආසන්න කාලයක් තුල හමාගිය දැඩි සුළි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩාවැටි නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ප්‍රදේශයේ මාර්ගයන් ද අවහිර වී තිබිණ. මේ පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් ප්‍රදේශයේ ජනජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට සමත්විය.
මේ අතර, කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ සඳුදා (11) දින ඇතිවූ හදිසි සුළි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීමට මෙන්ම නිවාසවලට සහ මාර්ගයන්ට කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් ප්‍රදේශයේ ජනජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට, 532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර ගේ උපදෙස් මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් යොදවනු ලැබීය.
Nike air jordan Sneakers | UK Trainer News & Releases