2024-10-02 13:53:24
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 33 වන සංවත්සරය 2024 සැප්තැම්බර් මස 24 දින උත්සව මාලාවකින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-10-02 13:30:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වත්තල ප්‍රීතිපුර ළමා නිවහනේදී 2024 සැප්තැම්බර් මස 26 දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. එහිදී තේ පැන් සංග්‍රහයක් හා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
2024-10-02 06:55:06
‘13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
2024-10-02 06:50:00
‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 55’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 28 දින මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
2024-10-01 11:05:00
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී , 2024 සැප්තැම්බර් මස 25 දින 591 පාබල බලසේනාවේ සහ 12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-10-01 11:00:00
16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි. නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු ප්රදානය කරනු ලැබීය.
2024-09-30 17:45:50
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත අම්පාර කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 78 දෙනෙකු වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 26 දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි. වත්මන් ලෝකය තුළ ඵලදායි නායකත්වයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කුසලතා, සාරධර්ම සහ ඉදිරි දර්ශනවලින් තරුණ මනස සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.
2024-09-30 17:40:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 28 දින අක්කරපත්තුව, පාලමුනේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-09-28 19:30:41
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන රෙජිමේන්තු අධිපති වශයෙන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, 2024 සැප්තැම්බර් මස 26 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
2024-09-28 18:34:22
අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.