උණුසුම් පුවත්
3 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව 2025 - වැඩි ගෞරව යුද්ධ හමුදාවට
13 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගීත්වයෙන් 2025 ජුනි මස 11 දින සිට 12 දක්වා කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ගංජා තොගයක් අත්අඩංගුවට ගනියි
යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව 2025 ජුනි මස 15 දින උදෑසන වෙල්වැටිතුරෙයි, පෝලිකන්ඩි වෙරළ තීරයේදී සිදුකළ මෙහෙයුමක් අතරතුරදී රුපියල් ලක්‍ෂ 400 ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 13 දින 7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.
ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc අභාවප්‍රාප්ත වේ
හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහෙන්පිට, යුද්ධ හමුදා රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදී 2025 ජුනි මස 13 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එතුමන් 91 වන වියේ පසුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශය තුළ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 12 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිදුකළ නිල සංචාරය අතරතුරදී 2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය, 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා ඒකකන්හි නිල සංචාරයක නිරතවිය.
ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 ජුනි මස 05 දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඛණ්ඩව තුන්වන වරටත් එහි ජයග්‍රහණය හිමිකරගනිමින් රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනා ගත්හ.
26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණයන් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරට නියෝජනය කරමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ජුනි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවූ අතර, එහිදී එතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක්කළේය.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව නිලධාරි නිවස්නය විවෘත කරයි
නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරි නිවස්නය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රදානත්වයෙන් මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ 2025 ජුනි මස 5 දින විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී නවතමයෙන් ඉදිකරන ලද ඉන්දු-ලංකා මිත්‍රත්ව පුස්ථකාලය විවෘත කරයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සහ අධ්‍යයන හා සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී ඉන්දු-ලංකා මිත්‍රත්ව පුස්ථකාලය 2025 ජුනි මස 06 වන විවෘත කළේය.
ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
2025 ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලුතිනන් ජෙනරල් එම්.පී සිං 2025 ජුනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.