උණුසුම් පුවත්
‘අවසන් සටනේ අවසන් සෙබළා’ ග්‍රන්ථය යුද්ධ හමුදා මූලස්ථානයේදී එළිදක්වයි
ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් රචිත ‘අවසන් සටනේ අවසන් සෙබළා’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 2025 ජූලි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
උසස්වීම් ලද මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 08 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවාචාරය
මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ රාජකාරි බාරගැනීමෙන් පසු උපහාර දැක්වීමේ උත්සවයක් 2025 ජූලි මස 04 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි අරඹයි
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2025 ජූලි මස 04 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය යටතේ සාම සාධක රාජකාරී නිල වශයෙන් භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන සහ ඉංජිනේරු බලකායේ නව බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නියෝජනය කරනු ලබන 10 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් අභිනවයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත 2025 ජූලි මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත් විය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සඳහා මහත් අඩම්බරයක් වූ මෙම අවස්ථාව සඳහා එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් බොහෝ දෙනෙකු සහභාගි විය.
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා යුද සේවා ලේකම්ගේ විශිෂ්ට සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනය වෙත මෝටර් රථයක්
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ලබාදෙනු ලැබූ මෝටර් රථවලින් තවත් එක් රථයක් 2025 ජූලි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවය කදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යුද්ධ හමුදා සුභසාධන අරමුදලෙන් මූල්‍ය ආධාර පිරිනමයි
යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදා සුභසාධන අරමුදලෙන් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 ජූලි මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.