උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජූලි මස 18 දින මත්තේගොඩ, ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරතවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන රණවිරු ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ රණවිරු ඇපරල් ඇඟලුම් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 18 දින යක්කල පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
ඌව පළාතේ යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලමින් වෛද්‍ය කඳවුරක් පවත්වයි
රණවිරු සේවා අධිකාරිය සමඟ එ්කාබද්ධව රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2025 ජූලි මස 30 දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. ඌව පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි SM 2025 ජූලි මස 17 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc හමුවිය.
‘Finger Swift 2025’ නව පරිගණක මෘදුකාංග එළිදැක්වීමේ උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Finger Swift 2025’ නව පරිගණක මෘදුකාංග යෙදවුම් එළිදැක්වීමේ උත්සවයක් 2025 ජූලි මස 16 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රදානත්වයෙන්
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් ‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 14 සහ 15 දෙදින තුළ පැවති වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.
‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශ්‍රාම ලැබීමට පෙර ඔවුන්ව සාර්ථක විශ්‍රාම දිවියකට සූදානම් කිරීමේ අරමුණින් පවත්වන ලද ‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025 ජූලි මස 14 දින පැවැත්විණි. මෙම වැඩසටහන රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
සේවයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් 2025 ජූලි මස 09 දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සුභසාධන වැඩසටහනක් පැවැත්වීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 09 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකළ නව නිවසක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවරාදෙයි
නිවාස අවශ්‍යතා සහිත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.ජී.එම් මංගල වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් රාජාංගණය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරනු ලැබූ අතර 2025 ජූලි මස 09 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එම නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත භාරදෙන ලදී.