උණුසුම් පුවත්
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ RWP RSP ndu psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජූනි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදා ගෞරවාචාරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 ජුනි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
විශ්‍රාම දිවියට පා තබන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ලංකා අමරපාල RWP RSP ndc psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සේවයේ නියුතු, විශ්‍රාමික, රණක්‍ෂිතයටපත් සහ ජීවිතක්‍ෂයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සුභසාධන වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සේවයේ නියුතු, විශ්‍රාමික යුද්ධ සාමාජිකයින්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සුභසාධන වැඩසටහනක් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්තුමන්ව හමුවේ
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක්, 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවති 2025 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූහ.
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත ගෞරවාචාරය
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තුර්කි ජනරජයේ තානාපති, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තුර්කි ජනරජයේ තානාපති අතිගරු සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා 2025 ජුනි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි
දිවයිනේ ජනප්‍රියම ආරක්‍ෂක වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල www.army.lk වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම මත නව මුහුණුවරකින් විකාශනය කිරීමට කටයුතු කර ඇත.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 ජුනි මස 16 දින සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.
අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ ඉරිදා (15) දින සන්ධ්‍යාවේ බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. එතුමන්ගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හමුදා සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ ශෝකයට පත් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.