උණුසුම් පුවත්
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජූනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ආසියානු බොක්සිං තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි
වයස අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං තරඟාවලිය 2025 මැයි මස 12 සිට 23 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආරක්‍ෂක ලේකම් 243 පාබල බලසේනාවේ භටපිරිස් අමතයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc 2025 ජුනි මස 03 දින මඩකලපුවේ සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් ‘නිරෝගිමත් දැයක් නිරෝගිමත් හමුදාවක්’ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක්
බෝ නොවන රෝග වැළැක්වීම සහ පෙරතියා හඳුනාගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් ‘නිරෝගිමත් දැයක් නිරෝගිමත් හමුදාවක්’ යන තේමාව ඔස්සේ කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී 2025 ජුනි මස 02 දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කළමණාකරන මණ්ඩල සාකච්ඡාව පැවැත්වෙයි
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2025 මැයි මස 28 දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රථම නිල සංචාරයේ නිරතවෙමින් එම විද්‍යාලයේ කළමණාකරන මණ්ඩල රැස්වීම සඳහා සහභාගි විය.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 4 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 ජුනි මස 02 දින 4 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.
26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 මැයි මස 27 දින සිට 31 දින දක්වා දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු විමසීම වෙනුවෙන් 2025 මැයි මස 26 දින සිට දිවයින පුරා සෑම යුද්ධ හමුදා කඳවුරක් තුළම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.