උණුසුම් පුවත්
රණක්‍ෂිතයට පත් ප්‍රවීණයන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් වෛද්‍ය කඳවුරක්
306 සී සිංහ සමාජය සමඟ එක්ව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 මැයි මස 27 දින මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේදී රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. මධ්‍යම පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 ජුනි මස 26 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරයෙන් නික්ම යයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සිය ධූරයේ රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරය හෙබවිය. එම ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දී 2025 ජුනි මස 25 දින උත්සවයක් පැවැත් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි
රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන 67 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
The occasion was attended by Principal Staff Officers, Directors, Senior Officers, Officers, and Other Ranks, who gathered to extend their best wishes to the newly appointed Deputy Chief of Staff.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් 2025 ජුනි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් බී.ඒ.කේ.එස්.පී බානගොඩ RSP, USP, ndc, psc, MMaritimePol, MBA in HRM, PG Dip in HRM, BMS, Dip in Mgt, AFIN, JP (Whole Island) 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පදක්කම් රැසක්
තායිලන්ත මළල ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජුනි මස 22 දින තායිලන්තයේ පාතුම්තානි ප්‍රදේශයේදී පැවැත්විණි.
ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ ශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ අවසන් මහා තරඟය 2025 ජුනි මස 15 දින පුත්තලම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම ගිය බලකාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම ගිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 22 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.