උණුසුම් පුවත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 15 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් බර්ලින් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි
ජර්මනියේ බර්ලින් නුවර 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වූහ.
13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ ආරම්භ කරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 14 දින කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ ආරම්භ කෙරිණි.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධන විසින් යුද්ධ හමුදා මූලස්ථානය මඟින් සංවිධානය කළ වෙසක් කලාපය ආලෝකමත් කරයි
දැනට නිල විදේශ සංචාරයක නිරතව සිටින යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සමඟින් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය එක්ව 2025 මැයි මස 12 දින සවස යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ ප්‍රධානත්වයෙන් 2025 සිරස වෙසක් කලාපය ඇරඹේ
කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන ලද ‘සිරසා නමාමි’ වෙසක් කලාපය කොළඹ 2, ඩෝසන් වීදියේ පිහිටි සිරස මාධ්‍ය ප්‍රචාරන සංකීර්ණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 13 දින පවත්වන ලදී. පහන් කූඩු ගණනාවකින් සමන්විත වූ මෙම වෙසක් කලාපය වෙත බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ආකර්ෂණය හිමි විය.
යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රථම සම්බන්ධීකරණ සාකච්ඡාව පවත්වයි
මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් පළමු යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකක සම්බන්ධීකරණ සාකච්ඡාව 2025 මැයි මස 06 දින මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ, යුද්ධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය අමතයි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 අප්‍රේල් මස 30 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේදී එම කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරන ලදී.
කොළඹ, විශාඛා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළල සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි
කොළඹ, විශාඛා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මැයි මස 02 දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා WWV, RWP and two bars, RSP and bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහලේ පාලන සංචාරයක
The Deputy Chief of Staff, Major General A.H.L.G Amarapala RWP RSP ndc psc, paid an administrative visit to the Army Base Hospital in Minneriya on Friday (09). During the visit, he conducted a detailed inspection of the former Infantry Training Centre (ITC) Headquarters building, as well as the current Outpatients Department (OPD), wards, and the PULHEEMS section.