2025-06-26

The occasion was attended by Principal Staff Officers, Directors, Senior Officers, Officers, and Other Ranks, who gathered to extend their best wishes to the newly appointed Deputy Chief of Staff.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් 2025 ජුනි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

උත්සවය අතරතුරදී, මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හා මධ්‍යම, නියෝජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයෙන් හෙබවූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි අත්දැකීම් සම්භාරයකින් සහ උපායමාර්ගික තීක්‍ෂණ බුද්ධියකින් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත සිය සුබපැතුම් එක්කළහ.