උණුසුම් පුවත්
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අවමංගල්‍ය උත්සවය 2025 නොවැම්බර් මස 04 දින කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ආදාහනාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම් උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් 2025 නොවැම්බර් මස 05 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී, මාතෘභූමිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් කළ වීරෝදාර රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ පවත්වන ලදී. මෙම උපහාර උත්සවය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 144 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදු කරනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා - මධ්‍යම නිල සංචාරයක
මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 නොවැම්බර් මස 01 දින ආරක්‍ෂ සේනා මූලස්ථානය - මධ්‍යම වෙත නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වාර්ෂික රැස්වීම පවත්වයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වාර්ෂික රැස්වීම 2025 ඔක්තෝබර් මස 31 දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc සහභාගි විය.
ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් හමුවෙයි
නකෞරා ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc (ගජබා රෙජිමේන්තුව) 2025 අගෝස්තු මස 29 දින බේරූට් හි තානාපති කාර්යාලයේදී ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු කපිල ජයවීර මහතා හමුවිය.
එහිදී, තානාපතිතුමන් විසින් අණදෙන නිලධාරි ඇතුළු කණ්ඩායම උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ලෙබනනයේ ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම හිමිකර ගෙන ඇති කීර්තිය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.හමුව අවසානයේදී ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් අණදෙන නිලධාරි විසින් තානාපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි
නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ටී.එච්.ඩී.එස්.ආර් තිරිමාන්න USP, මේජර් ජෙනරල් එන්.ඒ.එම්.පී නාගහවත්ත RSP,මේජර් ජෙනරල් ටී.එන්.කේ පෙරේරා, මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP, මේජර් ජෙනරල් එස්.ජේ කාරියකරවන RWP RSP USP, මේජර් ජෙනරල් පී.එන් වික්‍රමසිංහ සහ මේජර් ජෙනරල් එම්.පී.කේ.එල් අමරසිංහ WWV RWP RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 31 න දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරිය සංකේතාත්මකව ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.
සෙවනපිටිය දහම් පාසල සඳහා නව ගොඩනැගිල්ලක්
9 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සෙවනපිටිය, සාම විහාරය සඳහා නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර 2025 ඔක්තෝබර් මස 26 දින භාර දෙන ලදී.
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් ඉන්දියාවේ රාන්චි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මවිබ්මට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙමින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් ඔවුන් ලැබූ ජයග්‍රහණයන් සඳහා සුබ පැතුම් එක් කරන ලදී.
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණෙයි
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී මෙරට නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ඔක්තෝබර් මස 28 දින දිවයිනට පැමිණියහ.
2025 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 ඔක්තෝබර් මස 25 දින ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් රාශියක් දිනා ගනිමින් ජාතියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන එන ලදී. තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගන්නා ලදී.