උණුසුම් පුවත්
රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා වූ ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී පවත්වන ලබන අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 224 දෙනෙකු සහභාගි වෙයි.
යුද්ධ හමුදාධිපතිතුමන් කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 A සහ 52 B විසිර යාමේ උත්සවයට සහභාගි වෙයි
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 A සහ 52 B හි විසිර යාමේ පෙළපාලිය ඌව - කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී 2025 සැප්තැම්බර් මස 20 වන දින පැවති අතර, එහිදී නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 78 දෙනෙකු විසිර යනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා පවත්වනු ලබන වෛද්‍ය කඳවුර මෙවර ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේදී පවත්වයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මන්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 සැප්තැම්බර් මස 19 දින අම්පාර සටන් පුහුණු පාසලේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ විසින් රචිත කෘතිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ වන ලුතිනන් කර්නල් එස්.ඩී පීරිස් USP psc (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රචිත ‘My Journey with the Commando Regiment’ නම් කෘතියෙහි පිටපතක් 2025 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත පිළිගන්වන ලදී..
ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරල් ආර්.එස් රාමන් PVSM AVSM YSM සමඟින් බ්‍රිගේඩියර් එස්.එස්. ධලිවාල් SC YSM SM, කර්නල් යෂ් වර්ධන් පටෙල්, කර්නල් අශිෂ් සූඩ්, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඉන්දීය නාවික හමුදාවේ කපිතාන් ආනන්ද් මුකුන්දන්, ලුතිනන් කර්නල් වික්‍රාන්ට් විශ්වස්රාඕ දේශ්මුක් සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත දූත පිරිසක් 2025 සැප්තැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක නිරත විය.
රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරේදී ජීවිත ගලවා ගැනීම සඳහා ක්‍රියාකල යුද්ධ හමුදා සෙබළා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ 2025 සැප්තැම්බර් මස 04 දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කළ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර යන කොමිෂන් නොලත් නිලධාරිගේ එම නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ඇඟයීමට ලක්කරන ලදී.
යුද්ධ හමුදාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව දූෂණ විරෝධී පුහුණු වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකාවෙන් අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, ජනාධිපති ලේකම් කාර්යාලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී එක්දින දූෂණ විරෝධී පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ පැවති රෝද පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනකට සහභාගි වෙයි
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පදනම සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව 2025 සැප්තැම්බර් මස 13 දින මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේදී විශේෂ රෝද පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ට ‘පොපි’ මලක් පළදවයි
රට වෙනුවෙන් දිවිපිදූ සියළුම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොපි මල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවී පොපි මලක් පළඳවන ලදී.