නවතම තොරතුරු

උණුසුම් පුවත්

ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ පාඨමාලා සාර්ථකව අවසන්

2025-11-27
ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ පාඨමාලා සාර්ථකව අවසන්

ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. එන්. පී ප්‍රේමරත්න RSP USP NPS psc ගේ ප්‍රධානත්වයෙන් එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහනක්

2025-11-27
ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සංස්ක

ඉන්දියානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පවතින සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2025 නොවැම්බර් මස 26 වන දින මෙරටට පැමිණියහ. 2025 නොවැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මෙරටට සංචාරයේ නිරත වන එම නියෝජිත පිරිසෙහි මෙරට දෙදින සංචාරය මඟින් දෙරටෙහි හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම, සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම මූලික අරමුණ විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි

2025-11-26
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ජී.එස්.කේ පෙරේරා RSP ndc සහ මේජර් ජෙනරල් එන්.එස්.එස් ඩයස් RSP ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරියේ සංකේතය ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න

මියන්මාරයේ මානුෂීය මෙහෙයුමක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-11-25
මියන්මාරයේ මානුෂීය මෙහෙයුමක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම ය

මේ වසර මුලදී මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම විසින් මියන්මාරයේ දියත් කරන ලද සහනසේවා මෙහෙයුම් තුළ දැක්වූ දායකත්වය වෙනුවෙන් 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-11-24
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක යුද්ධ හමුදාධිපතිතුමන

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කර්නල් මොහොමඩ් මහබූබි ෆූලාඩි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව අතර 11 වන වරටත් යුද්ධ හමුදා සේවා මාණ්ඩලික සාකච්ඡාව පවත්වයි

2025-11-23
ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව අතර 11 වන වරටත් යුද්ධ හමුදා සේවා මා

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර 11 වරටත් පැවති යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2025 නොවැම්බර් මස 18 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ ගයා හි නිලධාරි පුහුණු විද්‍යාපීඨයේ දී සාර්ථකව පැවති අතර, එමඟින් දෙරට අතර දිගුකාලීන හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් විය.

තව කියවන්න

මාවනැල්ල නායයෑමෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට යුද්ධ හමුදාවෙන් සහාය

2025-11-23
මාවනැල්ල නායයෑමෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට යුද්ධ හමුදාවෙන් සහාය

2025 නොවැම්බර් මස 22 දින ගල් පිරිනු පස් කන්දක් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ දී කඩා වැටීම හේතුවෙන් නිවසකට සහ වෙළඳසැලක් සමන්විත ගොඩනැගිල්ලකට දැඩි හානි සිදු වූ අතර එම අනතුරෙන් අවට සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු කඩාවැටුනු ලද ගල් පිරුණු පස් සහ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවීමට ලක් විය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් 11 වැනි මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය නිමාවෙන් පසු දිවයිනට

2025-11-22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් 11 වැනි මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍ය

2025 නොවැම්බර් මස 10 දින සිට 22 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී 11 වන වරට පවත්වන ලද මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව නිම කිරීමෙන් පසුව එයට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම 2025 නොවැම්බර් මස 22 දින නැවත දිවයිනට පැමිණියේය.

තව කියවන්න

විජයබාහු පාබල හමුදා සම්මන්ත්‍රණය 2025 විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි

2025-11-22
විජයබාහු පාබල හමුදා සම්මන්ත්‍රණය 2025 විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්

විජයබාහු පාබල හමුදා සම්මන්ත්‍රණය - 2025 බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 22 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තව කියවන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් උසස් පෙළ සිසුන්ට යුද්ධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

2025-11-22
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් උසස් පෙළ සිසුන්ට යුද්ධ හමු

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලබන පාසල් සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ අතර, එමඟින් එම සිසුන්ට ප්‍රමාදයකින් තොරව තම විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට හැකි විය.

තව කියවන්න