2020-12-08 22:46:39
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යන ක්ෂේත්රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යන ආයතනයක් වන සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘අණ හා මාණ්ඩලික නිලධාරි’ පාඨමාලා අංක 14 හදාරණු ලබන දේශීය සහ විදේශීය නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අඟහරුවාදා (080 දින එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
2020-12-07 14:29:41
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (06) දින ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කරන ලද සුභසාධන ව්‍යාපෘතීන් රැසක ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ අතර, එම ව්‍යාපෘතීන් අතර, යුද්ධයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීම, නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරීම හා රණවිරු සුභසාධනය අරමුණු කොටගෙන පැවති ලොතරැයි ජයග්රහණයන් සඳහා ත්‍යාග ප්රදානය ආදි අවස්ථාවන් විය.
2020-12-02 21:43:07
නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දිවයිනට ඇතුලුවන ‘බුරවි’ සුළි කුණාටුව පුල්මුඩෙයි, කොකිලායි, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශ හරහා ගමන් කිරිමත් සමඟ ඇතිවන අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා භටපිරිස් හි සුදානම කෙසේවිය යුතුද සිහිතබාගත යුතු මුලිකාංග කවරේද යන්න අද (02) දින උදෑසන වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේහි සංචාරයක නිරත වු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් වඩාත් අවධානයට යොමුකරන ලදී.
2020-11-29 00:05:58
පසුගිය සෙනසුරාදා (28) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීම ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල් (Shri Ajit Doval), මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩී මහත්මිය (Mariya Didi) සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පොදු අරමුණු වෙනුවෙන් එම කලාපයේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීමට ද එකඟ වෙමින් අවසන් විය.
2020-11-22 21:32:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මුලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 07 යටතේ පාඨමාලාව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය සහ පුහුණු නිදර්ශනය අද (22) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්විණි.
2020-11-20 16:13:54
යුද්ධ හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කරන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ ඇවිදින මංතීරූව ආසන්නයේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භ කෙරිණි.
2020-11-20 00:04:01
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයින්, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරන ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරී ආශ්රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2020-11-18 17:07:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ කාර්යභාරය තවදුරටත් පහසුකරමින් මත්තේගොඩදී නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කිරීම සහ එහි නව මුලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (18) දින සිදු කෙරිණි.
2020-11-17 12:58:08
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිය සුබපැතුම් පිරිනැමීය.
2020-11-12 15:55:05
තාක්ෂණික දියුණුව හමුවේ නව අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් සන්ධස්ථානයක් පසුකරමින්, අද (12) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කෙරිණි.