Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2020 16:13:54 Hours

‘හුස්ම දෙන තුරු’ ජාතික වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානය ආසන්නයේ පිහිටි ඇවිදින මංතීරුව අසලින් ආරම්භ වේ

යුද්ධ හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කරන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ ඇවිදින මංතීරූව ආසන්නයේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භ කෙරිණි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මහත් හරසරින් යුතුව මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පිළිගනු ලැබිණි.

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ වන ගහනය 30% ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමට අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් පළමු සඳුන් පැළය රෝපණය කරමින් ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළේය. අනතුරුව, ගරු අමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැළ රෝපණය කරන ලදී.

පසුව, අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනිය අමුත්තන් විසින් පාසල් සිසු සිසුවියන් කණ්ඩායමක් වෙත සංකේතාත්මකව පැළ තොගයක් ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි, ගුරුවරුන් ආරාධිතයින් පාසල් සිසුන් ඇතුළු පිරිසක් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එක් වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ අත්වැල් බැඳගත් ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර් 1.7 ක දුරක් ආවරණය වන පරිදි යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ දෙපස අරලිය පැළ 170 ක් සිටුවීම සිදුකරනු ලැබිණ‍ . ව්‍යාපෘතියේ දෙවන අදියර 2020 ජනවාරි මස 14 වන දින ආරම්භ වූයේ අක්කර 12 ක අතහැරදමා තිබූ කුඹුරු අස්වද්දමිනි. එසේම ඊට සමගාමීව මී, කොබෝනීල , කරඳ වැනි පැළ 140 ක් ද රෝපණය කරන ලදී. එසේම මෙහි තෙවන අදියර යටතේ ශාරීරික ව්‍යායාම උපාංග සහිත ශාරීරික ව්‍යායාම ස්ථානය ස්ථාපනය කිරීම, පොල් පැල 100 ක් සිටුවීම, මිරිදිය හා විසිතුරු මසුන් 20,000 ක් මුදාහැරීම ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත විය.

එලෙස රෝපණය කළ සියලු පැළ රෝපණය කිරීමට බිම් සැකසීමේ සිට සිට සියලුම නඩත්තු කටයුතු යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු විසින් සිදු කරනු ලබයි. ඊට අමතරව දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතවද මෙම ව්‍යාපෘතින්ට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් සහ කුඹුරු අස්සැද්දීම් සිදුකරනු ලැබිණ. url clone | Yeezy Boost 350 Trainers