Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2020 21:32:07 Hours

යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර කණ්ඩායමේ පුහුණු නිදර්ශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මුලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 07 යටතේ පාඨමාලාව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය සහ පුහුණු නිදර්ශනය අද (22) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්විණි.

ජාතික ව්‍යසන හෝ හදිසි ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්වුවන් මුදවා ගැනීම සහ සහන සැලසීම පිළිබඳ පුහුණුව ලැබු නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 136 ක් අද දින මෙලෙස විසිර ගියහ. එම කණ්ඩායාමේ විසිරයාමේ උත්සවය සහ පුහුණු නිදර්ශනය දැකබලා ගැනීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් නිශාන්ත හේරත්, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් සුසන්ත අමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරී සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ නව වෙබ් අඩවියෙහි (https://alt.army.lk/cdmt/) ඇරඹුම සනිටුහන් කළ අතර ඉන් අනතරුව 58 වන සේනාංකය හා මෙම පුහුණු මධ්‍යස්ථානය පිළිබඳ වීඩියෝ පටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

හදිසි අනතුරකදී ක්‍ෂණික සූදානම, ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම, ආපදාවට ලක්වූ ප්‍රදේශ වෙත කඩිනමින් ළඟා වීම, සන්නිවේදනය, පරිපාලනමය කටයුතු, භටපිරිස් ස්ථානගත කිරීම, නිවැරදි උපායමාර්ගික ප්‍රවේශයන් තෝරා ගැනීම, ආත්ම ආරක්‍ෂක පියවර, හානිය / අර්බුදය නිසි ලෙස ඇගයීමට ලක්කිරීම, තාක්‍ෂණික ආධාරක භාවිතය, ආපදා ප්‍රතිචාර කණ්ඩායම පාලනය කිරීම, තුවාලකරුවන් මුදාගැනීම, අවදානම් අවම කිරීම, ක්‍ෂණික ප්‍රථමාධාර සැපයීම සහ ආපදාවට ලක්වූවන් වෙනත් ආපදාවලින් තොරව ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම ආදිය සඳහා වූ නිපුණතාව මෙම පුහුණු නිදර්ශනයේදී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සඳහා සඳහා සහභාගී වූ සියලු දෙනා සමඟින් අදහස් හුවමාරු කරගත් අතර එහිදී ආපදා කළමනාකරණයෙහි ඇති වැදගත්කම සහ වත්මන් කොවිඩ් උවදුර හා ඒ සඳහා මුහුණ දිය යුතුතේ කෙසේද ආදී කරුණු රැසක් පිළිබඳ කතිකා කරන ලදී.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, “අප කරන ඕනෑම දෙයක යම් ආකාරයක අවදානම් ඇති බව දැනුවත්ව සිටීම එ් කාර්යය පිළිබඳ ඇති වැදගත්ම කරුණයි. ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් අභියෝගයන්ට මුහුණදීමට ඔබ කෙතරම් සූක්‍ෂම ලෙස සූදානම්ද යන්න ඔබ සැවොම මැනවින් නිරූපණය කරනු ලැබුවා. ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවීමට නිපුණතාව සහ කුසලතාව වර්ධනය කරගනිමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයෙන් මෙම විසිර යන කණ්ඩායමට ලබාදුන් ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ප්‍රායෝගික පුහුණුව නොමඳව ලබාදීම පිළිබඳ උපදේශකයින්ට ප්‍රශංසාව එක්කළ යුතු” යැයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-pass) ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම අවස්ථාව සඳහා සහභාගී වූ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මහත් හරසරින් යුතුව මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබීය.

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් කොත්මලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් මේ වනවිට නිලධාරීන් 77 දෙනෙකු සහ සෙසුනිලයින් 1221 දෙනෙකු පුහුණු කර ඇත. ඊට අමතව නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසියේ සාමාජිකයින් මෙන්ම විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සහ ශාස්ත්‍රපති උපාධිය හදාරණ සිසුන් විශාල පිරිසක්ද මෙම පුහුණුව හදාරා ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පවත්වනු ලැබු මෙම පුහුණු අභ්‍යාසයේදී ආපදා ප්‍රතිචාර පිළිබඳ මූලධර්ම හා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම, ගංවතුර, නායයෑම් අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම, සීමිත ඉඩකඩක් තුළ සිදුවන ආපදාවකදී ප්‍රතිචාර දැක්වීම, කඹ වැනි මෙවලම් භාවිතා කරමින් මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණ. එක්සත් ජාතින්ගේ ප්‍රමිතීන්ට අනුකූලව ආපදා තත්ත්වයන්හිදී කඳවුරු කළමනාකරණය යන කරුණු පිළිබඳ දැනුමක් ලබාදීම ද මෙහි තවත් අරමුණක් විය.

වසර ගණනාවක් පුරා ලබාගත් ආපදා ප්‍රතිචාර පිළිබඳ දැනුම, නව පරම්පාරවේ අනාගත හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ආපදා ප්‍රතිචාර, කළමනාකරණය සහ මුදා ගැනීමේ මෙහෙයුම් ආවරණය වන පරිදි මෙම අභ්‍යාසය පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගීත්වය සංකේතවත් කරමින් එතුමන් වෙත සමරු තිළිණයක්ද පිරිනමනු ලැබීය. Buy Kicks | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD