2024-03-26 19:32:14
ආධුනික කාන්තා සෙබලියන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක - 81 හි, විසිර යාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින 6 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමියේදී පැවැත්විණි.
2024-03-26 14:39:37
59 පාබල සේනාංකය ‘Mas Holdings (Pvt) Ltd’ ආයතනය සමඟින්...
2024-03-26 14:39:03
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස්හි මූල්‍ය කළමණාකරනය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දේශනයක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 23 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
2024-03-25 15:30:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කාලයක් සේවය කළ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය ඉරිදා (මාර්තු මස 24) දින සිදුකෙරිණි.
2024-03-25 15:30:13
11 ගැමුණු හේවා බලකාය විසින් අක්ෂි ආබාධ සහිත නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් එම ඒකකයට අයත් ‘බී’ කණ්ඩායම් කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වන ලදී.
2024-03-25 15:26:15
221 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය, සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ ‘හැපි කිඩ්ස්’ පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වනු ලැබීය.
2024-03-25 15:26:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ (සයිබර් ආරක්ෂක) නිල සංචාරයක නිරත විය.
2024-03-25 15:25:48
I‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කෘෂිකර්මාන්තයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ‘මී’ පැල බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 56 පාබල සේනාංක පරිශ්‍රයේදී සිදු කරන ලදී.
2024-03-25 15:00:56
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-03-22 14:19:34
ඉන්දියාවේ ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය (DDSS) සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (CASS) සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය (CCAS) විසින් සංවිධානය කරන ලද 3 වන ආරක්ෂක සහ උපායමාර්ගික සමුළුව ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි පූනේ විශ්ව විද්‍යාලයීය ‘Sant Dnyaneshwar’ ශාලාවේදී මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්විණි.