Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2024 15:00:56 Hours

64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව එතුමන්, භටපිරිස් අමතමින් රට තුළ බහුලව සිදුවන අපරාධ සඳහා යුද්ධ හමුදා සෙබළුන් සම්බන්ධ වීමෙන් වන අහිතකර ප්‍රතිවිපාක පෙන්වා දී එවැනි ක්‍රියාවන්හි නිරතනොවීමට කටයුතු කලයුතු බව පෙන්වා දුන්හ.

මෙම අවස්ථාව සඳහා 642 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.