Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2024 15:26:00 Hours

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී, 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) දින 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ (සයිබර් ආරක්‍ෂක) නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී කර්නල් ඩබ්ලිව්.ආර්.එම්.ආර්. වික්‍රමසිංහ යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව අණදෙන නිලධාරීතුමන් විසින් ප්‍රධාන සංඥා නිලධාරීතුමන් වෙත ඒකකය මගින් සිදුකරනු ලබන සමකාලීන මෙහෙයුම්, පරිපාලනය, භඨකාර්ය සම්පාදනය සහ පුහුණුව වැනි කරුණු පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.

එතුමන් අනතුරුව, භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ. උත්සව කටයුතු අවසානයේදී සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියහ.

එතුමන් සිය දේශනය අතරතුර, සංඥා රෙජිමේන්තුව වෙනුවෙන් තම ඉදිරි දැක්ම විස්තර කළේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.