2017-07-11 16:36:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අඟහරුවාදා (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
2017-07-10 18:04:47
යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස නව තනතුරේහි වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (10) උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් යුද්ධ හමුදා මුලස්ථානයේ දී අමතනු ලැබුහ. එහිදි යුද්ධ හමුදාධිපතිවරයා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් ඇති කරලීම සඳහා සියල්ලන්ගේ කැපවිම අපේක්ෂා කරන බවත් සෑම ක්ෂේත්රයකම සොල්දාදුවන්ගේ වෘත්තීමය දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කරන බවත් පවසා සිටින ලදී.
2017-07-07 15:53:07
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී .......
2017-07-05 19:40:37
22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
2017-07-04 16:00:19
යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
2017-07-03 13:58:36
යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුලුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සඳුදා (03) දින සිදු කරනු ලැබීය.
2017-06-29 17:03:05
යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස බ්‍රහස්පතින්දා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය.
2017-06-28 14:07:11
නිල උසස්විම් ලද යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවය බදාදා (28) දින ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
2017-06-27 17:39:28
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්ඩබ්ලිව්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජෙනරාල් තනතුරට උසස් කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර ඇත.
2017-06-23 16:22:21
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නික්මයන ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් සිකුරාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි පැවති සාකච්ඡාවේ දී දෙරට අතර මෙන්ම හමුදාවන් අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සාකච්ජා කළ අතර, නික්මයන ආරක්ෂක උපදේශකවරයා තම සේවා කාලය තුල යුද්ධ හමුදාව වෙතින් ලැබුණු සහයෝගය පිළිබඳ සිය ස්තුතිය ද පුද කළහ.