29th June 2017 17:03:05 Hours
යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස බ්‍රහස්පතින්දා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය.
රාජකාරි භාරගැනීමට ප්‍රථම නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත ත්‍රිවිධ හමුදා සම්මාන පෙළපාලියක් ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. එම අවස්ථාවට පැමිණි නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ප්‍රධාන දොරටුව අසළ දී මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි විසින් පිළිගැනීමෙන් පසුව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ. අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් එතුමා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමෙන් පසු ත්‍රිවිධ හමුදා සම්මාන පෙළපාලිය පිරිනමන ලදී.
අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් පිළිගැනීම මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් සිදු කළ අතර, සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා, මහා සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණ වලට අත්සන් තබමින් සිය රාජකාරි භාරගනු ලැබීය.
රාජකාරි භාර ගැනීමෙන් පසුව ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වු අතර, අනතුරුව සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.
ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
best Running shoes brand | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov