Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අතිගරු ජනාධිපතිතුමන් අතින් නිල වශයෙන් විවෘත වේ

    2017-08-28 16:41:06

     ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අතිගරු ජනාධිපතිතුමන් අතින් නිල වශයෙන් විවෘත වේ

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන වැඩසටහනක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අද (28) උදෑසන 7 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් විද්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

  • පාබල හමුදා නව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරයි

    2017-08-26 00:22:27

    පාබල හමුදා නව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සිකුරාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.

  • දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ

    2017-08-25 12:53:53

    දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ

    විදේශීය හමුදා සමාජිකයින් හා නිරීක්ෂකයින් 62 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා භඨ පිරිස් 2675 ක් සහ නවාංග කිහිපයක් ද සමගින් යුද හමුදා දින දර්ශකයේ ඉතා වැදගත් ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයක් වන ‘දියකාවා මෙහෙයුම VIII - 2017’ වර්ෂ 2017 සැප්තැම්බර් මස 3 වන දින පැවැත්වීමට සියල්ල සුදානම් බැව් අද දින (24) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අනාවරණය කලේය‍.

  • පොලිස් මූලස්ථානය යුද්ධ හමුදාධිපති සාදරයෙන් පිළිගනියි

    2017-08-23 15:04:01

    පොලිස් මූලස්ථානය යුද්ධ හමුදාධිපති සාදරයෙන් පිළිගනියි

    යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය. යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර, එහිදී සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති පෙළපාලියේ අණදෙන්නා සමඟ පෙළපාලිය පරීක්ෂා කරන ලදි.

  • යුද්ධ හමුදා විශේෂ බලකායෙන් තම රෙජිමේන්තු අධිපතිතුමන්ට ආචාර

    2017-08-20 12:39:03

    යුද්ධ හමුදා විශේෂ බලකායෙන් තම රෙජිමේන්තු අධිපතිතුමන්ට ආචාර

    විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති වු වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (19) දින විශේෂ බලකා නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. සීදුව ප්‍රදේශයේ මීට ඉහත දී ස්ථානගත කර තිබු විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, විශේෂ බලකා සාමාජිකයින්ට වැඩි ඉඩ පහසුකම් සැපයිමේ අරමුණින් මාතලේ, නාඋල ප්‍රදේශයේ අභිනවයෙන්.....

  • ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

    2017-08-18 18:37:59

    ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ

    ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි බ්‍රහස්පතින්දා දින (17) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

  • ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ පිළිබඳ යුද්ධ හමුදාධිපති අදහස් දක්වයි

    2017-08-16 22:55:47

     ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’  පිළිබඳ යුද්ධ හමුදාධිපති අදහස් දක්වයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් 7 වන වරටත් පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ (අගෝස්තු මස 28-29) හි මාධ්‍ය හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (15) දින කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

  • බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයීය කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ

    2017-08-16 16:09:54

    බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයීය කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ

    බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් පිරිසක් දකුණු ආසියානු විෂය මාලාවේ විදේශ අධ්‍යයනයේ කොටසක් ලෙස සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ නව පහසුකම් යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

    2017-08-13 16:00:26

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ නව පහසුකම් යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

    කුරුණෑගල, වැහැරවත්ත හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයට අයත් නවීන පහසුකම් සහිත සංකීර්ණය සෙනසුරාදා (12) දින උදෑසන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කරන ලදි. නව පහසුකම් සහිත මෙම සංකීර්ණය නව ශ්‍රවණාගාරයකින්, පුස්තකාලයකින් සහ පරිගණක විද්‍යාගාරයකින් සමන්විතය.

  • ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ

    2017-08-12 14:32:13

    ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ

    විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පස්වන වරටත් පසුගිය සිකුරාදා (11) දින පැවැත්විණි.