Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2017 16:09:54 Hours

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයීය කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් පිරිසක් දකුණු ආසියානු විෂය මාලාවේ විදේශ අධ්‍යයනයේ කොටසක් ලෙස සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලීය කණ්ඩායමේ ‍ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එස්.එම්. ෂාෆ්ඩින් අහමඩ් (කණ්ඩායමේ නායක) එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නියාමක බ්‍රිගේඩියර් ජෙනරාල් අබු තහේර් මොහොමඩ් ඊබ්‍රහම්, බ්‍රිගේඩියර් ජෙනරාල් බයිසාඩ් සර්වාර් සහ කොමදෝරු එස්. අස්ලාම් ෆර්විස් යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී ශ්‍රී ලංකාව තුළ සිදු කරන අධ්‍යයන කටයුතු සහ අනාගත සැලසුම් පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

මෙම කණ්ඩායමට බංගලාදේශ යුද්ධ හමුදා සාමාජිකයින් 21 ක්, නාවික හමුදා සාමාජිකයින් 2 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 1 ක්, සිවිල් ආරක්ෂක පාඨමාලාව හදාරන සාමාජිකයින් 5 ක්, පර්යේෂණ නිලධාරියෙකු සහ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යයන අංශයේ විදේශීය සිසුන් කිහිපදෙනෙකු ද අයත් වේ.

මෙම හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර සහ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජි.වි. රවිප්‍රිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

තවද එහිදි ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න විසින් වසර කිහිපයකට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාර්ථකත්වය සහ රටේ විවිධ ආරක්ෂක කරුණු යන මාතෘකා පිළිබඳව වෙන්වෙන් වශයෙන් මෙම සිසුන් පිරිස දැනුවත් කරන ලදි.

url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ