2021-02-04 11:43:34
‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි ඓතිහාසික නිදහස් චතුරශ්‍රය අභිමුවදී මහත් අභිමානවත් අයුරින් හා උත්සවශ්‍රියෙන් පැවැත්විණි.
2021-02-03 08:37:54
'සොල්දාදුවෙකු' ජීවිත කාලය පුරාවටම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වන අතරම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ගේ වෘත්තීමය ප්‍රතිරූපය, පෙනුම සහ ගෞරවය තවතවත් නිරූපණය කරමින් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සියලුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හඳුන්වාදී ඇත.
2021-01-30 18:02:08
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ නව ස්ථූපයක් සහ ආරාමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබිණ.
2021-01-29 10:29:46
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබූ AstraZeneca Covidshield එන්නත දිවයින පුරා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පෙරමුණේ සේවය කරන යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රථමයෙන් ලබාදෙනු ලබන අතර එහි පළමු මාත්‍රාව ඔවුන් වෙත ලබාදීමේ කටයුතු අද (29) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ විය.
2021-01-28 14:16:54
ඉන්දීය රජය විසින් ප්රදානය කළ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
2021-01-27 11:51:43
ඓතිහාසික දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් බලධාරීන් පිරිසක් අඟහරුවාදා (26) දින එහි නිරීක්ෂණ චාරීකාවක නිරත වූහ.
2021-01-23 10:17:20
SPORTSINFO විසින් සංවිධානය කරන ලද 6 වන Silk Sports Award-2020 වෙතින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරනු ලැබු දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මාන ලබාදීමේ උළෙල ඉකුත් සිකුරාදා (22) දින පැවැත්විය.මෙම අවස්ථාව සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදීම වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් බිහිකර ඇති බවත් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ බව ද එහිදි සිහිපත් කළේය.
2021-01-18 20:25:01
කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා භටයින් සිදුකරනු ලබන අසමසම කාර්යභාරය අගය කරමින්, (IME Korea) සහ (SD Biosensors) යන සමාගම් ඔවුන්ගේ මෙරට පාර්ශවකරුවන් හරහා අද (18) දින දහවල් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණ මුහුණු ආවරණ තොගයක් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කළේය.
2021-01-15 16:27:38
කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නව යටිතල පහසුකම් සංවර්ධනය කරමින් බුද්ධි පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන ගොඩනැගිල්ල අද (15) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-01-13 12:53:37
විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් අල්ලස්දීමෙන් වලකින ලෙසත් නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.