2021-08-07 21:40:27
ලොව අන් කිසිදු හමුදාවකට සමකළ නොහැකි පෙර නොවූ විරුවන් වන ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ පරාර්ථකාමී බව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍යය සුහදත්වය තවදුරටත් ලොවට පිළිබිඹු කරමින් ජනාධිපති සමාව මත නිදහස ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියාවක නියැලී තම ජීවනෝපාය මාර්ගයන් සකස් කරගැනීම සහ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වශයෙන් නීතිගරුකව ජීවනෝපාය සිදුකරගෙන යාමට මූලික අඩිතාලම සකස් කරදීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍යමය පරිත්‍යාගයන් පිරිනැමූහ.
2021-08-03 18:01:55
ශ්‍රී ජයවර්ධනපුර නව ආරක්ෂක හමුදා මුලස්ථානය අභිනවයෙන් ඉදිකිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අද (03) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණියේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධනි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගත්තේය.
2021-07-28 18:34:55
53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2021-07-18 08:55:37
දියතලාවේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා නවතමයෙන් ඉදිකළ ‘Mech Breeze’ නිවාඩු නිකේතනය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ කරන ලද ආරාධනයකට අනුව පසුගිය සෙනසුරාදා (17) දින එම අවස්ථාවට...
2021-07-14 19:26:59
ත්‍රිවිධ හමුදා සහ සිවිල් අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය ඉහළ නැංවීමේ අරමුණින් සහ පැරා ක්‍රීඩා ක්ෂේත්රය වර්ධනය කිරීම උදෙසා නව අවබෝධතා ගිවිසුමකට එලඹෙන ලදී. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව එක්ව පෙරමුණගෙන ක්‍රියාකරයි.
2021-07-12 17:40:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට අද (12) දිනට වසර 37 ක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත අද (12) දින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණ.
2021-07-10 04:44:06
එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
2021-07-05 16:43:15
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා දීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමේ අරමුණින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (5) දින බත්තරමුල්ල දියත උයනේදී යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. යුද හමුදා සේවා වනිතා ඒකකය (ASVU) මෙම ප්‍රජා එන්නත්කරණ වැඩසටහනට පහසුකම් සපයයි.
2021-07-01 22:08:55
කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම හා බෞද්ධ විහාරය මගින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත බ්‍රහස්පතින්දා (01) දින ප්රදානය කරන ලදී.
2021-06-29 22:45:41
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.