18th July 2021 08:55:37 Hours
දියතලාවේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා නවතමයෙන් ඉදිකළ ‘Mech Breeze’ නිවාඩු නිකේතනය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ කරන ලද ආරාධනයකට අනුව පසුගිය සෙනසුරාදා (17) දින එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සුභ මොහොතින් විවෘත කරන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් සඳහා දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නිවාඩු නිකේතනය නවීන ගෘහ භාණ්ඩ හා පහසුකම් සහිත සුඛෝපභෝගී කාමර 6 කින් සමන්විත වේ. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අරමුදලින් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වයෙන් මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,මේජර් ජෙනරල් සේන වඩුගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරධිත අමුත්තාගේ සුරතින් නව නිවාඩු නිකේතනයේ සමරුඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග නවීන අංගෝපාන්ගයන්ගෙන් සමන්විතනව නිවාඩු නිකේතනය නිරීක්‍ෂණය කළේය. අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාව සඳහා සහභාගීව සිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ පවුල්වල දරු දැරියන් සමග ද සුහඳ පිළිසඳරකද නිරත වූයේය.
මෙම උත්සව අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි නෙලුම් වඩුගේ මහත්මිය ඇතුළු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සව අවස්ථාව පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.