2021-10-10 15:24:50
සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඔක්තෝබර් (10) දින උදෑසන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්සවය ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම උත්සවය සඳහා සුවිශේෂීත්වයක් එක් කරමින් එම රෙජිමේන්තුවේ නිර්භීත හා කීර්තිමත් නිලධාරියෙකු වූ වත්මන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී, එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදුන්හ.
2021-10-10 00:01:01
නිර්භීතභාවය, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.
2021-10-07 22:42:20
72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ වාදනය මධ්‍යයේ ආශිර්වාද පූජාවක් පැවති අතර එම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.
2021-10-06 22:42:20
ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය බදාදා (6) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත මහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව මහා සංඝරත්නය වැඩම කරවා අලංකාරවත් අයුරින් පැවැත්විණි. එමෙන්ම, පසු දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරිමටද කටයුතු යොදා තිබිණි.
2021-10-05 08:52:12
72 වන යුද්ධ හමුදා සංවත්සරයට (ඔක්තෝම්බර් මස 10 වන දිනට) සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (05) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
2021-10-04 06:52:12
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2021-09-30 06:46:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හා යුධ උපක්‍රම භාවිතා කරමින් සැප්තැම්බර් මස (29) දින මධ්‍යහනේ ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී දියත් කෙරිණි.
2021-09-28 09:10:36
‘ජාතියේ ආරක්ෂකයින්’ ලෙස ඉමහත් ප්‍රශාංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට (ඔක්තේබර් මස 10 දින) ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක ආගමික උත්සවය ඉකුත් සඳුදා (27) දින සන්ධ්‍යාවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා තැන්පත් කර ඇති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
2021-09-25 08:32:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි.
2021-09-23 15:38:18
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.