2021-11-03 17:19:26
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය වශයෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.
2021-11-01 12:51:44
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.
2021-10-26 13:05:00
රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සඳුදා (25) දින මහත් හරසරින් යුතුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-10-21 17:31:27
විජයබාහු පාබල රෙජිමේන්තුව ‘තම උපායෙහි ශිල්පියෙහි සහ වෘත්තියෙහි අති දක්ෂයෙකුට ඉසිලිය නොහැකි මහ බර කුමක්ද’ යන තේමා පාඨය පෙරදැරි කරගනිමින් වර්ෂ 1988 දී ස්ථාපිත කරන ලද බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් සකසන ලද සරඹ භූමීය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සිකුරාදා (21) දින උදෑසන සහභාගී වූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ගෞරවාචාර මධ්‍යයේ උත්සවාකාරයෙන් මහත් හරසරින් යුතුව විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත පිළිගන්නා ලදී.
2021-10-17 18:52:58
අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය අද (17) දින උදෑසන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සනිටුහන් විය.
2021-10-16 23:53:40
දෙරට අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දින පහක සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉකුත් සිකුරාදා (15) දින සන්ද්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-10-15 15:09:01
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවත්නා සුහදත්වය සහ සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වු 8 වන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය සිකුරාදා (15) දින උදෑසන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නගරබඳ සටන් පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.
2021-10-14 15:06:58
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 38 වන සංවත්සර දින සැමරුම් උත්සවය අද (14) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
2021-10-13 12:58:03
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී බදාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළගනු ලැබීය.
2021-10-12 01:48:50
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද (12) දින උදෑසන සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී ඇතුළු සිය දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ උඩරට වෙස් නර්තන ශිල්පීන්ගේ කලාත්මක නර්තනයන් මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.