23rd November 2017 15:54:44 පැය
නායකත්වය, ධණාත්මක චින්තනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දින 19 ක වැඩමුළුවක් කළාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී නිළධාරිනියන් 95 දෙනෙකු ඇතුළු නව සමෘද්ධි නිලධාරීන් 116 දෙනෙකු වෙනුවෙන් අඟහරුවාදා (21) දින ආරම්භ කරන ලදි.
19th November 2017 12:54:49 පැය
14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පුහුණුව ලබා විසිර යන පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් වෙත ප්‍රවීණතා ලාංජන පැළදවීම පසුගියදා මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති විසිරයාමේ පෙළපාලියක දී සිදුවිය.
19th November 2017 12:54:42 පැය
යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පළමු වරට කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (17) දින සංචාරයක නිරත විය.
19th November 2017 12:53:49 පැය
වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් සාමය උදාකිරීම සඳහා සිය අත් පා පූජා කළ රණවිරුවන් 450 කට වැඩි පිරිසකගේ ක්‍රීඩා දක්ෂතා එළිදැක්විම සඳහා පවත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) උදෑසන හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
19th November 2017 12:53:39 පැය
යාපනය, පුතූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක අනුස්මරණ පුස්තකාලය සිකුරාදා (17) දින සිසු අයිතියට පත් කරන ලදී.
18th November 2017 13:55:37 පැය
යුද්ධ හමුදාව විසින්, නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් මස 22 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන් වේ. ඒ අනුව නිවාඩු නොමැතිව රපෝර්තු නොකර......
17th November 2017 20:14:49 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මග පෙන්වීම මත පුනරින් ප්‍රදේශයේ පොල් වගා කිරිමේ පුළුල් ව්‍යාපෘතියක් එම සේනාංක මුලස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලදී.
17th November 2017 08:59:22 පැය
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 450 කු පමණ සහභාගි වන යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 හි අවසන් තරඟාවලිය නොවැම්බර් 22 දින සිට 24 දින.....
15th November 2017 20:43:05 පැය
ඉන්දියාවේ නේවාසික කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක කර්නල් ඉන් ලී අද (15) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධීපති කාර්යාලයේ පැවති මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර ආරක්ෂක හමුදාවන්.....
15th November 2017 20:41:05 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 66 වන සංවත්සර උත්සව මාලාවට සමඟාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්විම හා අභිනවයෙන් ඉදිකරන ලද නව සම්මේලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (11) දින සන්ධ්‍යාවේදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.