Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2017 13:55:37 Hours

යුද්ධ හමුදාව හැරගිය අයවළුන්ට ලබාදුන් පොදු සමා කාලසීමාව හෙටින් අවසන්

යුද්ධ හමුදාව විසින්, නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් ‍ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් මස 22 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන් වේ.

ඒ අනුව නිවාඩු නොමැතිව රපෝර්තු නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට හෙට දිනයේදි ද ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපෝර්තු කර නිත්‍යානුකූල අස්කිරීම් ලබාගැනීමට තවදුරටත් හැකියාව ඇත.

මෙම පොදු සමා කාලසීමාව නැවත දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර, සහන කාලසීමාව තුල නීත්‍යානුකූල අස්වීම ලබාගැනීමට කටයුතු නොකරන ‍අයවළුන් 2017 නොවැම්බර් මස 23 දින සිට දීප ව්‍යාප්තව සිදුකරනු ලබන වැටලීම් තුලින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ர යුද්ධ හමුදාවෙන් පැනගොස් සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්ථා නොකර සිටින හමුදා සාමාජිකයින් හට ‍රැකියා ඉඩ ප්‍රස්ථා සැලසීම සහ ඔවුනට රැකවරණය ලබාදීම දණ්ඩ නිති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ දඬුවම් ලැබීය හැකි වරදක් බැව්ද දන්වා සිටිනු ලැබේ.

2017 නොවැම්බර් මස 21 දින (අද) වනවිට නිළධාරින් 12 ක්, කෙඩෙට් නිළධාරින් 09 ක් සහ සෙසුනිළයින් 10091 ඇතුළු හිටපු යුධ හමුදා සාමාජිකයින් 10112 ක් ඔවුන්ගේ නීත්‍යානුකූල අස්කිරීම් කටයුතු සිදුකර ගැනීම සඳහා රපෝර්තු කර තිබේ (නිමාව).

Nike Sneakers Store | Nike