24th December 2017 09:22:23 පැය
මඩකලපුවේ ක්‍රිස්තියානි ප්‍රජාව, ප්‍රදේශයේ ජනවාර්ගික කණ්ඩායම් අතර සංස්කෘතීක සහජීවනය සහ සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින්, 231 වන බලසේනා මුලස්ථානයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ‘කිතුනු නත්තල් සන්ධ්‍යාව - 2017’ තේමාව යටතේ විශේෂ නත්තල් වැඩසටහනක් සිකුරාදා (22) දින මඩකලපුව, ගාන්ධි උද්‍යානයේදී පවත්වනු ලැබීය.
24th December 2017 09:21:46 පැය
මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (24) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදි. යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් 200 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩයේ 150 ක ගෙන් යුත්...
24th December 2017 09:16:07 පැය
පැරා මළල ක්‍රීඩා උළලේ විශේෂ දක්ෂතා දැක්වු රණවිරුවන් අගය කරමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) දින උදෑසන සීදුව ප්‍රදේශයේ ස්ථානගත විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.
24th December 2017 09:09:13 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකය අති උත්කර්ෂවත් අන්දමින් අඛණ්ඩව දෙවන වරටත් නත්තල් බැති ගී ප්‍රසංගයක් බ්‍රහස්පතින්දා (21) දින අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. අම්පාර ශාන්ත ඉග්නේටියස් දේවස්ථානයේ කතෝලික පූජක තුමාගේ සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම් මුදලිගේ ගේ පූර්ණ අනුග්‍රහය යටතේ ආගමික සහජීවනය සහ හොඳහිත වර්ධනය කිරිමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විය.
22nd December 2017 22:26:12 පැය
යාපනය ශ්‍රී නාග විහාරයේ වැඩ වාසය කල උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු ඊයේ (22) යාපනය මුතුවේලි පිටියේදී පැවැත්විණු අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භඨ පිරිස් මහා සංඝරත්නය සහ අනෙකුත් බළධාරින් ද ආදාහන කටයුතු සාර්ථකව නිම කිරිමට උපරිම සහාය ලබාදුන්හ.
22nd December 2017 20:13:29 පැය
අද (20) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත...
22nd December 2017 20:04:36 පැය
උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු සඳහා යාපනය බලා ගමන් කල යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය අාණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වන ලදි.
22nd December 2017 18:20:55 පැය
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් මුලතිව් පාසල් දරුවන්ගේ සහ කතෝලික දරුවන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් ශාන්ත පීටර් දේවස්ථානයේදී බදාදා (20) දින පැවැත්විය.
22nd December 2017 01:18:05 පැය
‘වර්තමාන ආරක්ෂක සන්දර්භයට අනුවර්තනය වීම; සොල්දාදුවාගේ පරිවර්තනය’ යන තේමාව යටතේ බුත්තල නිලධාරි ප්රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය බ්‍රහස්පතින්දා (21) දින එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
21st December 2017 16:44:54 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කොළඹ 04 පිහිටි යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩල කාර්යාලයේ දී රාජකාරීන් භාරගනු ලැබීය.