Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2017 09:16:07 Hours

පැරා මළල ක්‍රීඩා උළලේ දී දස්කම් දැක්වූ විශේෂ බලකා ක්‍රීඩකයින් දිරීගැන්වීමේ විශේෂ උත්සවයක්

පැරා මළල ක්‍රීඩා උළලේ විශේෂ දක්ෂතා දැක්වු රණවිරුවන් අගය කරමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) දින උදෑසන සීදුව ප්‍රදේශයේ ස්ථානගත විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා විශේෂ බලකායට ද කිර්තීයක් අත්කර දෙමින් ජාතික සහ ජාත්‍යන්තර තලයේ ඔරු පැදීමේ තරඟාවලියන් හීදි විශේෂ දක්ෂතා දැක්වු පැරා ඔරු පැදිම් ශුර කෝප්‍රල් ජේ.ඒ.එම්.පී. ජයකොඩි ගේ එම දක්ෂතාවයන් අගය කරමින් විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විදේශීය රටකින් ආනයනය කරන ලද තරඟ ඔරුවක් දීරිගැන්වීමක් වශයෙන් ප්‍රදානය කිරිමද සිදුවිය.

කෝප්‍රල් ජේ.ඒ.එම්.පී. ජයකොඩි, චීනයේ සහ ඉතාලියේ පැවති ආසියානු ඔරු පැදීමේ තරඟාවලිය සහ පැරා ඔලිම්පික් තරඟාවලියේ දී හතර වන ස්ථානය හිමිකරගැනීමට සමත්වු අතර, ඔරු පැදීමේ ජාතික තරඟාවලි ගණනාවක දී සම්මාන රැසක් ද හිමි කරගැනීමට සමත්වූ දක්ෂ ක්‍රීඩකයකි.

එමෙන්ම, පැරා මළල ක්‍රීඩා තරඟාවලියේ දක්ෂතා දැක්වු තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ද මෙහිදි යුද්ධ හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රදානය යුද්ධ හමුදාධිපතිතුමා විසින් සිදු කරන ලදි.

මෙම උත්සවය අතරතුරදි, විශේෂ බලකායේ මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල් වල පාසල් සිසුන් 11 දෙනෙකු වෙනුවෙන් ශීෂ්‍යාධාර ද පිරිනැමු අතර, මෙම අවස්ථාවට ඔවුන්ගේ භාර්යාවන් සහ පවුල්වල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

තවද, විශේෂ බලකායේ මුලස්ථාන බළඇණියේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ පාසල් සිසුන් පස්දෙනෙකු වෙනුවෙන් ද පාසල් උපකරණ මෙහිදි ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවේදියුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අසංක පෙරේරාවිසින් දැනට සිදුකරමින් පවතින විශේෂ බලකාය වෙත ආධුණික සෙබලුන් බඳවා ගැනීමේ කටයුතු වෙනුවෙන් මුද්‍රිත ස්ටිකරයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදි.

මෙම උත්සවය සඳහා විශේෂ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරින්ද්‍ර රණසිංහ, විශේෂ බලකා බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා, විශේෂ බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පිරිස්,මියගිය රණවිරුවන්ගේ භාර්යාවන් සහ ඥාති හිතමිත්‍රාදින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

buy shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ