25th November 2017 13:07:08 පැය
යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවෙන් නුඳුරේ දී විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඵලදායිතාවය වෘත්තීය නිපුණත්වයකින් යුතුව තවදුරටත් සමාජයට ලබාදිමේ අදහසින් සහ ඔවුන්ට අමතර ආදායමක් උපයාගැනීමට අවස්ථාව සලසමින් ජලනල කාර්මික............
23rd November 2017 17:31:00 පැය
දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු සිංගප්පූරුවේ රැෆල්ස් ආයතනයේ (Raffles Institute) ශිෂ්‍ය කණ්ඩායමක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට ලැබූ අවසරය අනුව කොක්කුතුඩුවායි උතුරු ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් බිම්බෝම්බ ඉවත්කරන අයුරු අඟහරුවාදා (21) දින නිරීක්ෂණය කරන ලදි.
23rd November 2017 15:54:44 පැය
නායකත්වය, ධණාත්මක චින්තනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දින 19 ක වැඩමුළුවක් කළාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී නිළධාරිනියන් 95 දෙනෙකු ඇතුළු නව සමෘද්ධි නිලධාරීන් 116 දෙනෙකු වෙනුවෙන් අඟහරුවාදා (21) දින ආරම්භ කරන ලදි.
19th November 2017 12:54:49 පැය
14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පුහුණුව ලබා විසිර යන පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා සූනඛයින් 8 දෙනෙකු සහ ඔවුන් හසුරවන්නන් වෙත ප්‍රවීණතා ලාංජන පැළදවීම පසුගියදා මත්තේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති විසිරයාමේ පෙළපාලියක දී සිදුවිය.
19th November 2017 12:54:42 පැය
යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පළමු වරට කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (17) දින සංචාරයක නිරත විය.
19th November 2017 12:53:49 පැය
වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් සාමය උදාකිරීම සඳහා සිය අත් පා පූජා කළ රණවිරුවන් 450 කට වැඩි පිරිසකගේ ක්‍රීඩා දක්ෂතා එළිදැක්විම සඳහා පවත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) උදෑසන හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
19th November 2017 12:53:39 පැය
යාපනය, පුතූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක අනුස්මරණ පුස්තකාලය සිකුරාදා (17) දින සිසු අයිතියට පත් කරන ලදී.
18th November 2017 13:55:37 පැය
යුද්ධ හමුදාව විසින්, නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් මස 22 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන් වේ. ඒ අනුව නිවාඩු නොමැතිව රපෝර්තු නොකර......
17th November 2017 20:14:49 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මග පෙන්වීම මත පුනරින් ප්‍රදේශයේ පොල් වගා කිරිමේ පුළුල් ව්‍යාපෘතියක් එම සේනාංක මුලස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලදී.
17th November 2017 08:59:22 පැය
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 450 කු පමණ සහභාගි වන යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 හි අවසන් තරඟාවලිය නොවැම්බර් 22 දින සිට 24 දින.....