29th August 2018 01:20:11 පැය
ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබු තුරඟ තරගාවලිය දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පෝලෝ ක්‍රීඩාංගනයේ දී ඉරිදා (26) දින පැවති අතර ඒ සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගිවිය.
29th August 2018 00:20:11 පැය
ඇසළ උත්සවය වෙනුවෙන් පසලෝස්වක පොහෝදින පැවැත්වෙන අවසන් රන්දොලි පෙරහැරට මත්තෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් චන්ද්‍රිකා සේනානායක මැතිණිය සිකුරාදා (24) දින ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කරගනු ලැබීය.
29th August 2018 00:10:32 පැය
අභාවප්‍රාප්ත(විශ්‍රාමික) ජෙනරාල් රොහාන් දළුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූලව අවසන් ගෞරවාචාරය බදාදා (29) දින සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී පිරිනැමීමට නියමිතය.
28th August 2018 13:12:48 පැය
ලොවපුරා වූ ආරක්ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’ යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ අගෝස්තු මස 30 සහ 31 දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර.....
27th August 2018 20:59:41 පැය
ඉන්දියානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාර්යමණ්ඩලයේ ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.සී. මොහන්තී ඒ.වී.එස්.එම් ඇතුළු ඉන්දිය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හමුදා නිලධාරින් 14 දෙනෙකු ඉරිදා (26) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණි අතර ඔවුන් සඳුදා (27)...
24th August 2018 13:00:48 පැය
පරිසර හිතකාමී ජනතාවකට ආමන්ත්‍රණය කරන තවත් වැදගත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක් දිගින් යුක්ත දක්ෂීණ අධිවේගි මාර්ගය දෙපස ‘තුරුලිය වෙනුවෙන් අපි’ තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ කරනු ලැබීය.
23rd August 2018 14:30:00 පැය
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව බදාදා (22) දින මත්තේගොඩ, සැපර්ස් ලේෂර් බේ හිදී පැවැත් වූ අතර, මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
23rd August 2018 14:20:00 පැය
වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍යය අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමක් ලෙස වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල....
23rd August 2018 14:12:00 පැය
නුවර ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ පුරා දින 07 ක් වැඩමවන ‘නැඳුන්ගමුවේ රාජා’ හස්තිරාජයා සඳහා ඉහළම සැලකිල්ලක් මෙන්ම සෙනෙහසක් දක්වමින් සඳුදා (20) දින සිට 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ආරක්ෂාව සපයනු ලබයි.
23rd August 2018 13:12:00 පැය
කයිට්ස්, කරප්පන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් දෙකක් සඳහා ‘දහම් පහණ’ පදනමේ සහෝදර චාර්ල්ස් තෝමස් ඇතුළු සාමාජිකයින්ගේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නව නිවාස දෙකක් බදාදා (22) දින පැවති උත්සවයක දී එම නිවාසලාභීන් වෙත ලබාදෙන ලදි. ආගමික පූජකවරුන්....