2019-11-25 14:00:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් කපිල බණ්ඩාර උදළුපොල වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (22) දින සමුගැනිමේ උත්සවයක් පැවැත්විණි. එහිදි එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබීය.
2019-11-25 13:00:27
56 වන සේනාංකයේ පාලන කටයුතු පහසුකර ගැනීම සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න විසින් ඉකුත් සඳුදා (18) දින විවෘත කරන ලදී. එම සංකීර්ණය තුළ ගබඩාවක්, කාර්යාල, වැඩහලක් සහ ඉංජිනේරු සේවා බලකායේ (CES) වාහන නවතා තැබීම සඳහා වෙන්වු අංගනයක් ඇතුළු තවත් බොහෝ අංගයන්ගෙන් සම්පුර්ණව ඇත.
2019-11-25 11:22:27
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන්ට අදාළව 22 වන සේනාංකය යටතේ ඇති 224 වන බලසේනාවේ භටපිරිස්...
2019-11-25 08:22:27
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකය විසින් උතුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කරන ලද පූර්ණ දින ක්‍රිකට් පුහුණු කඳවුරක්...
2019-11-24 12:30:48
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 300 කට ආසන්න පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එහි රුධිර බැංකුවට ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කළහ.
2019-11-22 15:00:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න අද (22) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-11-22 14:45:32
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (03) දින මධ්‍යහ්නයේ ආරක්ෂක අමාත්‍යංශයේ දී ප්‍රථම වරට නව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ. නව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට....
2019-11-22 14:30:55
තම මාතෘ භූමියේ මෙන්ම සේවයේ යෙදි සිටින විරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහ අත්පා අහිමි ආබාධිත රණවිරුවන් අතර චිත්ත ධෛර්යය වර්ධනය කිරිමේ දැඩි අභිප්‍රාය ඇතිව විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට....
2019-11-22 14:27:55
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 621 වන බලසේනාව විසින් ජාඇල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව කැබිතිගොල්ලෑව, හල්මිල්ලෑව, හේරත් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 23 කු සඳහා පාසල් පාවහන්, පාසල් බෑග්, පොත්, ලිපි ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පැවති උත්සවයකදි පරිත්‍යාග කරනු ලැබීය.
2019-11-22 14:25:55
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් වරුන් වන මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සහ මේජර් ජෙනරාල් ඒ.එස් හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගැනිම සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උපහාර පිදිමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී සංවිධානය කරනු ලැබීය.