Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2019 14:27:55 Hours

621 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අඩු ආදායම් ලාභි පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් පරිත්යාග කරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්රදේශයට අයත් 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 621 වන බලසේනාව විසින් ජාඇල ප්රදේශයේ පදිංචි පරිත්යාගශීලියෙකුගේ අනුග්රහය ඇතිව කැබිතිගොල්ලෑව, හල්මිල්ලෑව, හේරත් විද්යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 23 කු සඳහා පාසල් පාවහන්, පාසල් බෑග්, පොත්, ලිපි ද්රව්ය සහ අත්යාවශ්ය භාණ්ඩ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පැවති උත්සවයකදි පරිත්යාග කරනු ලැබීය.

එක වසරේ සිට පහ වසර දක්වා පන්ති කාමර ඇති මෙම පාසලේ ළමුන් 23 දෙනෙකු පමණ ඉගෙනුම ලබන අතර ඔවුන් වෙනුවෙන් මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට ප්රතිචාර දක්වමින් ජාඇළ පදිංචි මාලි පෙරේරා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් පූර්ණ දායකත්වය ලබාදුන්හ.

මෙම මානුෂීය සමාජ සත්කාරය සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාශ අධ්යාපන අධ්යක්ෂක, 17 වන ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, බලසේනා මාණ්ඩලික නිලධාරීන්, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ පරිත්යාගශීලීන්ගේ නියෝජතයින් පිරිසක් ද සහභාගී වූහ.

තවද මෙම පරිත්යාග වැඩසටහනට ප්රථම, 17 වන ශ්රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් විසින් පාසල් පරිශ්රය පිරිසිදු කිරිමේ ශ්රමදානයක් ද සංවිධානය කර තිබිණි. Nike sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov