2020-08-18 16:25:41
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කැපීපෙනෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපලකට ඉකුත් සෙනසුරාදා (15) දින පවත්වනු ලැබූ හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී...
2020-08-18 14:25:41
ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 20 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-08-18 13:25:41
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ විශිෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ 34 වසරකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නික්ම යාමට නියමිතව ඇති අතර ඉකුත් සෙනසුරාදා (15) දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු පරිශ්‍රයේදී එතුමන්ගේ අභිමානවත් සේවය අගය කරමින් විධිමත් සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබීණි.
2020-08-18 12:25:41
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 653 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘ඩෙංගු සහ කොවිඩ් - 19’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා (15) දින පලෙයිනගර් ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2020-08-18 06:28:10
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ...
2020-08-18 05:28:10
හල්දුල්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටුගොඩැල්ල ප්‍රදේශයේ ඉකුත් ඉරිදා (16) දින හදිසි ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනාවේ භටපිරිස් සමත් වූහ.
2020-08-17 18:24:40
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවය අද (12) දින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ...
2020-08-17 15:12:17
වසර 34 කට නොවැඩි කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කළ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු වන මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය දිනයක අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2020-08-17 13:10:17
කොවිඩ් - 19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ මෙහෙවර අගය කිරීමේ අරමුණින් උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු නාවික හමුදා සාමාජිකයින් විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඉකුත් ඉරිදා (16) දින උතුරු මුහුදේ සාගර විවිධත්වය පිළිබඳ අත්වීඳිම සඳහා ඒ - 543 මගී නෞකාව මගින් මුහුදු සංචාරයක නිරත වීමට අවස්ථාව ලබාදුන්හ.
2020-08-17 12:32:10
ඉනාමළුවේ පිහිටි 53 වන සේනංකයේ 25 වන සංවත්සරයට සමගාමීව එයට ආශිර්වාද කිරීම වෙනුවෙන් ඉකුත් සඳුදා (17) දින මාතලේ ශ්‍රී මුත්තූමාරි අම්මාන් හින්දු කෝවිලේ දී සහ ගෝනගවෙල ජූම්මා මුස්ලිම් පල්ලියේදී හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කෙරිණි.