Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2020 13:25:41 Hours

නික්ම යන මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ වෙත කාලතුවක්කු රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ විශිෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ 34 වසරකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නික්ම යාමට නියමිතව ඇති අතර ඉකුත් සෙනසුරාදා (15) දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු පරිශ්‍රයේදී එතුමන්ගේ අභිමානවත් සේවය අගය කරමින් විධිමත් සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබීණි.

එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. පසුව, එතුමන් එම රෙජිමේන්තුවේ යුද්ධයෙන් මියගිය වීරෝධාර රණවිරුවන්ගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

තවද, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත ආරාධනා කරනු ලැබිණි. මෙම උත්සවයේ ප්‍රථම අවස්ථාව සියළු නිල තේ පැන් සංග්‍රහයකින් අවසන් වූ අතර දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

එමෙන්ම, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ. affiliate link trace | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys