2020-11-06 09:07:50
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් විශ්‍රාම දිවියට පා තබන යක්කල රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් ශාන්ත රාජකරුණා වෙනුවෙන් උපහාර පුදකිරීමේ උත්සවය කුරුවිට ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී පැවැත්විය.
2020-11-05 17:30:48
මන්නාරම 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 බලසේනාවට අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මන්නාරම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පසුගිය බදාදා (04) දින සිදුකල සෝදිසි මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු බෙල්ලන් කිලෝග්‍රෑම් 20 ක් සමඟින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේය.
2020-11-05 17:15:48
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය පසුගිය අඟහරුවාදා (03) දින පැවැත්විණ. ආගමික සැමරුම් මාලාවකින් සපිරි මෙම කඨින පූජා පුණ්‍යෝත්සවය පැවැත්වුණේ මහා සංඝරත්නය, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්. පණ්ඩිතරත්න ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
2020-11-05 17:00:48
යුද්ධ හමුදාවෙන් පවත්වාගෙන යනු ලබන කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 92 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්ව ගියහ. එම පුද්ගලයින් අතරින්...
2020-11-05 16:00:48
14 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවා ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින කොළඹ 2 පිහිටි එම මූලස්ථානයේ දී ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට 14 වන සේනාංකයේ ජ්‍යෙෂ්ට නිලධාරින් ද සහභාගී වූහ.
2020-11-05 15:00:48
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ පසුගිය බදාදා (04) දින 121 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.
2020-11-05 12:31:03
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 443 ක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා මෙරටින් හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.
2020-11-05 09:31:03
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් පල්ලාවල ගේ අධීක්ෂණය මත 64 වන සේනාංකයේ භටපිරිස් විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් පසුගිය දා එම සේනාංක බලප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබිණි.
2020-11-05 08:31:03
රණවිරු ඇපරල්ස් ආයතනයේ නව සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත රණවිරු ඇපරල්ස් ආයතනයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමූහ.
2020-11-04 21:59:54
ITN රූපවාහිණි නාලිකාවේ ‘දොරමඩලාව’ වැඩසටහන මඟින් පසුගිය සඳුදා (02) දින විකාශය වූ ‘කට වහමුද - රට වහමුද’ විශේෂාංගයේදී කොවිඩ් - 19 දෙවන රැල්ල මැඩපැවැත්වීම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා...