2021-04-26 22:07:15
යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් දසදෙනෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ ස්කූබා කිමිදුම් පුහුණු වැඩමුළුවක් (scuba-diving training programme) හික්කඩුව ජාත්‍යන්තර කිමිදුම් පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදී.
2021-04-26 18:16:07
මාතලේ රත්තොට ප්‍රදේශයේ පාළු ළිඳකට වැටි සිටි පුද්ගලයෙකු පිළිබඳ පසුගිය සිකුරාදා (23) දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකල හදිසි දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ 53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු භටපිරිසක් අදාළ ස්ථාන වෙත ගියහ.
2021-04-26 12:05:59
කොවිඩ්-19 පාලන කටයුතු පිළිබඳ තවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ.පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2021-04-26 11:26:36
කිලිනොච්චි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ සෙවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවන් 40 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
2021-04-26 09:02:50
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සහ එයින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳ සිවිල්-හමුදා සම්බන්ධීකරණ සාකච්ඡාවක් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (20) දින 62 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2021-04-26 08:30:53
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 793 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර...
2021-04-26 08:10:53
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ 2020- 2025 උපායමාර්ගික සැලැස්මට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා මහජන සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා දින හතරක වැඩමුළුවක් පසුගිය අප්‍රේල් මස 20 සිට 23 දක්වා කාලය තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
2021-04-26 07:04:23
විජබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක නව ක්‍රීඩා අධ්යක්ෂ ලෙස පානාගොඩ පිහිටි යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ඉකුත් (19) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
2021-04-26 06:04:23
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල ස්ථාපිත ඒකකය විසින් බඩඉරිඟු වගාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස බිත්තර බීජ සඳහා බීජ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (17) වන දින ආරම්භ කරන ලදී. ඒ සඳහා ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම නිලධාරීන් සහ ඇඹිලිපිටිය කෘෂිකර්ම මණ්ඩලයේ උපදේශන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදී.
2021-04-25 20:19:43
ජාතික වෘත්තිය පුහුණු විශිෂ්ඨතා සම්මාන - 2021 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෘත්තීය පුහුණුව ලබාදෙන රාජ්‍ය අයතන අතරින් ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු...