Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2021 07:04:23 Hours

නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

විජබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස පානාගොඩ පිහිටි යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ඉකුත් (19) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස පත්විය.

එම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙම නව පත්වීමට පෙර බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය.