2024-04-04 12:55:33
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 27 දින 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-04-04 12:50:42
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් පවත්වනු ලබන ‘සේනාංකාධිපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය -2024’ 2024 මාර්තු මස 26 සිට 2024 අප්‍රේල් මස 02 දින දක්වා පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් සහභාගී වූහ.
2024-04-04 12:03:35
22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හිටපු ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 01 දින එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
2024-04-04 11:50:18
ආසියානු සම්මේලන හොකී තරඟාවලිය සහ දකුණු ආසියානු කබඩි තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ ක්‍රීඩා ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත මූල්‍ය දිරිදීමනා පිරිනැමීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 26 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-04-04 11:47:47
ගැමුණු හේවා බලකායේ විවිධ නිලයන්හි විශ්‍රාමික සාමාජිකයන්ගේ පරිපාලනමය කරුණු පිළිබඳ සොයාබැලීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 24 දින 5 ගැමුණු හේවා බලකා පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය, සුබසාධන අධ්යක්ෂ මණ්ඩලය, වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
2024-04-04 11:44:53
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-04-03 18:09:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම බලසේනාවේ අභිමානවත් 143 වන සංවත්සර දිනය වෙනුවෙන් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් 2024 අප්‍රේල් මස 01 දින පැවැත්විණි.
2024-04-03 18:03:32
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-04-03 17:54:39
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලකායේ 36 වන සංවත්සර දිනය නිමිත්තෙන් 2024 මාර්තු මස 19 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-04-03 13:50:07
පූජ්‍ය නාඋල අතුල හිමිපාණන් සහ පූජ්‍ය මුරුද්දෙණියේ සුජාත හිමිපාණන්ගේ ආරාධනයකට අනුව විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන මාතලේ, මඩවල උල්පත මහමෙවුනා අසපුව සහ මිනුවන්ගොඩ, යටියන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස31 දින පැවැත්විණි.